බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ.

අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ චලනය සිදුව තිබේ.

කාලීන පුවත්