කෝපා කමිටුවේදී මුදල් ලේකම්ට දොස්

ආදායම් එකතු කිරීමට අදාළව ගෙන තිබෙන ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය ඉතා අවම මට්ටමක පවතින බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ආයතන රැසක නිලධාරීන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.

මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණි. මුදල් ලේකම්වරයා ඊට සහභාගි වී ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේය.

ආදායම් එකතු කිරීමට අදාළව ඉහත ආයතනවල ප්‍රගතිය සියයට දහයක් තරම් අවම මට්ටමක පවතින බවටත් මුදල් ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් ඊට වගකිවයුතු බවටත් කාරක සභාපතිවරුන් මෙහිදී දැඩි ලෙස චෝදනා කර තිබේ.

නියමිත වගකීම් හා කාර්යයන් ඉටු නොකර වැටුප් ලැබීම ගැන සියලු දෙනා ලැජ්ජා විය යුතු බව එක් කාරක සභා සභාපතිවරයෙක් සඳහන් කර ඇත.

කාලීන පුවත්