ගාල්ලේ කතුන් සිව් දෙනෙක් එන්නත මඟ හැරියේ ආගමික හේතුවක් මතද?

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද(09) පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර දී එන්නත් කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබා නොගෙන පිටව යෑමට උත්සාහ කළ කාන්තාවන් සිව් දෙනෙකු අද පොලීස් භාරයට ගෙන තිබේ.ඔවුන් කිසියම් මූලධර්මවාදී ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් විය හැකි බවට ද අනුමාන කෙරේ.එම මධ්‍යස්ථානයෙන් සයිනොෆාම් එන්නත් ලබාදීමට සූදානම් කර තිබූ අතර එහිදී පිරිසක් එන්නත් ලබාගත් බවට සිය කාඩ්පත් සටහන් කරගෙන පිටව යන ආකාරය ඒ අසල රැඳීසිටි ආරක්ෂක නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගෙන මෙලෙස පිටව යන බවයි.ඔවුන් පළමු එන්නත් මාත්‍රාව සඳහාද මෙම අයථා ක්‍රියාව සිදුකර තිබේද යන්න කරුණු අනාවරණය කර ලැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනක් ආරම්භ කර ඇත.මේ සම්බන්ධයෙන් එන්නත් මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ ඔවුන්ගේ මෙම ක්‍රියාව සමස්ත එන්නත්කරණ දත්ත පද්ධතියේ නිරවද්‍ය භාවයට විශාල හානියක් සිදුව ඇති බවයි.

කාලීන පුවත්