රට විවෘත කිරීම,සංචරණ සීමා තීරණය අද

දැනට පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමට නම් තව සතියක් හෝ දෙකක් සංචාරණ සීමා දැඩි ව ක්‍රියාත්මක කළ යුතුව ඇතැ‍යි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටියි. රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පද්ධතිය විධිමත් ව ක්‍රියාතමක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කරයි.නමුදු දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරණ සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද (10)ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී නිශ්චිත තීරණයකට එළඹෙනු ඇත.

කාලීන පුවත්