රටෙන් බාගයක්ම මහවැලියට

මේ දක්වා නම් කොට ඇති මහවැලි කලාප දහයට අමතරව දිස්ත්‍රික්ක හතරක ගම්මාන 410 ක් එක්කොට නව මහවැලි කලාප දෙකක් ස්ථාපිත කෙරේ මෙලෙස මහවැලි කලාප වශයෙන් අලුතෙන් එක්වන්නේ දැදුරුඔය යෝජනා ක්‍රමය සහිත “එන්” කලාපය සහ වයඹ පළාත් මහඇළ බල ප්‍රදේශයයි. එය “එම්” කලාපය ලෙස දොලොස් වන වන මහවැලි කලාපය ලෙස ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට එක්වෙයි.

කුරුණෑගල පුත්තලම. අනුරාධපුරය. හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස විසි හයක් යෝජිත විශේෂ මහවැලි කලාප වලට අයත් වෙයි.

මේ යටතේ ශ්‍රි ලංකා භූමියෙන් සියයට 50 ක ප්‍රදේශයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවර්ධන සැලැස්මට ඇතුලත් වනු ඇත.වෙයි. මෙම නව මහවැලි කලාප දෙක සදහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

පසුගිය කාලයේ උග්‍ර පානීය හා වාරි ජල හිගයක් තිබූ මෙම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉදිකළ මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට හිමි වනු ඇතැයි රජය කියයි.

කාලීන පුවත්