කපුවා කන්නලව් කරන අතරේ තරුණිය දෙවොල තුළම ඇද වැටී මිය යයි

දින කිහිපයක් තිස්සේ පැවැති තදබල හිසරදයකට ප්‍රතිකාර වශයෙන් දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයකට ගිය තරුණියක කපුවා කන්නලව්ව කරන අතරේ එම දෙවොල තුළම ඇද වැටී මිය යාමේ ශෝචනීය සිද්ධියක් හෙට්ටිපොළෙන් වාර්තා වෙයි.හෙට්ටිපොළ මඩයින ප්‍රදේශයේ දේවාලයක් තුළ දී මෙසේ හදිසියේ මියගොස් ඇත්තේ හෙට්ටිපොළ,කූරටිහේන, මණ්ඩලපොළ පදිංචි එම්.එම්.එම් මධුෂානි නම් විසි එක් හැවිරිදි විවාහක තරුණියකි.මෙම මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලික රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ වෛරස ආසාදනයක් හේතුවෙන් මොළයේ සහ පෙනහලු වල හට ගත් ප්‍රදාහ තත්වයක් මෙම මරණයට හේතු වී ඇති බවයි

කාලීන පුවත්