ගාසා තීරයේ යුද්ධයට සටන් විරාමයක්

ඊශ්‍රායලය සමඟ ගාසා තීරයේ මාස හතක් තිස්සේ පවතින යුද්ධය සඳහා සටන් විරාමයකට එළඹීමට ඊජිප්තුව සහ කටාරය එක්ව කළ යෝජනාව හමාස් සංවිධානය මූලික වශයෙන් පිළිගෙන තිබේ.මේ දක්වා දින නියම කොට නොමැති මෙම සටන් විරාමය ඊශ්‍රායල රජය මේ වන විට විශ්ලේෂණය කරමින් හිඳින බව වාර්තා වේ.මෙම තාවකාලික සටන් විරාමය සඳහා මූලික කොන්දේසි කිහිපයක් ඇතුළත් වනු ඇත. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඊට එක් වනු ඇතැයි පැවසෙයි. එම සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකාව ද මැදිහත් වී සිටියි.

කාලීන පුවත්