චීන “අනාගත විද්‍යා ත්‍යාගය”මහාචාර්ය මලික් පීරිස්ට

ජ්‍යාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා තිබේ.
මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව ඇත.
2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය” චීන නොබෙල් ත්‍යාගය ලෙස ද හඳුන්වනු ලැබේ.
කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් 2016 වර්ෂයේ සිට චීනය විසින් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

කාලීන පුවත්