ඡන්ද හිමි නාමලේඛනය අළුත් වෙයි

ඡන්ද හිමි නාමලේඛනය අළුතින් සකස් කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ මෙම වසර අවසානය වනවිට ඡන්ද හිමි නාම ලේඛණය සකස් කර සහතික කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේදී ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත ගොස් අදාළ පරීක්ෂා කිරීම් සිදු කර ආකෘති පත් සම්පූර්ණ කළ යුතු බව ද සදහන් කරයි.

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමට අදාළ සිය රාජකාරී මාස 2ක් තුළ අවසන් කිරීමට උත්සහ ගන්නා බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

කාලීන පුවත්