ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත පිළිතුරු ලිපියක් යොමු කරමිනි.

2022 වසර වනවිට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධාන විදුලිබල ජාලය හා සම්බන්ධවී පවතී.

2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කාලීන පුවත්