ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

බ්‍රිතාන්‍ය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට තිබේ.එමෙන්ම ජනාධිපති වරයා දෙවන එලිසබෙත් රැජිනගේ අවමංල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යය බලා ගියේ රාජ්‍ය තාන්ත්‍රික නිල ආරාධනයකට අනුව බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.ජනාධිපතිවරයා සමඟ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා පමණක් එම නිල දූත පිරිසට එක්ව සිටි බව දක්වා ඇති එම නිවේදනයේ ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එම සංචාරයට එක්ව ඇත්තේ ඇයගේ පෞද්ගලික වියදමින් බව ද සඳහන් කොට තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පසුගිය 19 වනදා පැවැති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට සහභාගී වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කොට තිබේ.

කාලීන පුවත්