ජනපති වරයා තේරීමේ දී පුද්ගලයන් පක්ෂ ගැන නොව රට ගැන සිතන්න

ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් රටේ යහපත මත පදනම්ව එම භාරධූර කර්තව්‍යය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. එමෙන්ම ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට සමස්ත මැතිවරණ කොට්ඨාශම නියෝජනය කරන බව පෙන්වා දෙන එම සංගමය කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත පදනම්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණ ගැනීම කාලීන අවශ්‍යතාවක් බව පෙන්වා දෙයි.

Uncategorized