ජූලි මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එමෙන්ම ආහාර උද්ධමනයද පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති අතර එය 3.6% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබේ.කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී පහළ බැසීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව එය ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබෙන බවට වාර්තා වෙයි.

කාලීන පුවත්