ටයිටෑන්ට වුණේ ටයිටැනික්ට වුණු දේමයි

අතීතයේ ටයිටැනික් නෞකාවට අත් වූ ඉරණමට සමාන ඉරණමක් මෙවර ටයිටෑන් සබ්මැරීනයට ද අත් වූ බවට මුහුදු පතුලේ ගිලී පවතින ටයිටැනික් නෞකාව සොයා ගිය ටයිටෑන් සබ්මැරීනය පිළිබඳව ලෝක ප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.ඔහු ටයිටැනික් නෞකාවේ සුන්බුන් අතරට 33 වතාවක් කිමිද ඇති පුද්ගලයෙකු බව ද වාර්තා වෙයි.මෙවර ටයිටෑන් සබ්මැරීනය අතර සන්නිවේදන බිඳ වැටී ඇති බව දැනගත් වහාම යම්කිසි විනාශකාරී දෙයක් සිදුවන්නට ඇති බව තමා සිතූ බවත් ජේම්ස් පවසා ඇත.සබ්මැරීනය කොතනට පතිත වී තිබේද? යන්න පිළිබඳව පමණක් තමා අනුමානයක පසු වූ බවත් අවසානයේ තමා අනුමානය කළ ආකාරයටම එම අනුමාන කළ ස්ථානයෙන්ම සබ්මැරීනයේ කොටස් සොයා ගත් බවත් කැමරන් පවසා ඇත.මීට අමතරව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ටයිටෑන් සබ්මැරීනය තවමත් පරීක්ෂණ මට්ටමේ පසුවීම හේතුවෙන් මගීන් රැගෙන යාම සිදු නොකරන බවට OceanGate ආයතනයට ලිපි පවා ලැබී ඇති බවකි.මෙලෙසම ටයිටැනික් නෞකාවට ඉදිරියෙන් මුහුදේ පාවෙන අයිස් කුට්ටි පිළිබඳව අනතුරු සංඥා නිකුත් කළ නමුත් කපිතාන්වරයා එය නොතකා වේගයෙන් නෞකාව පදවා තිබුණි.මෙම අනතුරු දෙකෙන්ම සිදුවුයේ එහි ගමන්කළ පිරිස මියයාම බව ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත.

කාලීන පුවත්