කැමැත්තෙන් විශ්‍රාම යන රාජ්‍ය මාධ්‍ය සේවකයන්ට වන්දි ගෙවන්න මිලියන 900 ක්

ස්වේච්ඡා විශ්‍රාම වන්දි ක්‍රමයක් යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව පහත හෙළීමට අදාළව සිය කැමැත්තෙන් විශ්‍රාම යන සේවකයන්ට වන්දි ලබා දීම් වෙනුවෙන් ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 300 ක් ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට රුපියල් මිලියන 300 ක් ද, මහා භාරකරුවාගේ සෘජු පාලනයට අයත් නොවන එමෙන්ම මහා භාරකර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොටස් හිමියා වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට විශේෂ ප්‍රදානයක් ලෙස රුපියල් මිලියන 300ක් ද 2023 අයවැය මඟින් ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ ලබාදීමට තීරණය වී තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට අනුව ය.

කාලීන පුවත්