රුසියානු කුලී හමුදාව රුසියාවට එරෙහිවම නැඟී සිටියි

යුක්රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් පෙනී සිටි වැග්නර් සමූහය කුලී හමුදා කණ්ඩායම( Vagner group) රුසියාවට එරෙහිව නැඟී සිටීම නිසා බරපතල තත්වයක් උද්ගත වී තිබේ. එහි නායක 62 හැවිරිදි ‍ Yeugeny Prigozhin  24 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව නැඟී සිටින බවට ප්‍රතිඥාවක් දීම මෙම තත්වයට හේතු වී තිබේ. 23 වන සිකුරාදා අග සිට සෙනසුරාදා දක්වා පණිවිඩ මාලාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සහ ඔහුගේ කුලී හේවායන් දකුණු රුසියාවේ Rostov-On-Don නගරයට ඇතුළු වී එහි හමුදා ස්ථාන යටත් කර ගත් බවකි.රුසියානු පොලිස් නිලධාරීන් 24 දින සිට ශාන්ත පීටර්ස්බර්ග් හි පීඑම්සී වැග්නර් මධ්‍යස්ථානයෙන් පිටත මුර සංචාර තර කොට තිබේ.

කාලීන පුවත්