ඩයනා ගමගේ ගේ මන්ත්‍රී අසුන මුජිබර්ට

මෙතෙක් ඩයනා ගමගේ මහත්මිය නීති විරෝධී ලෙස දරන ලද මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර මෙම තීන්දුව ගෙන ඇති බව මහලේකම්වරයා කියයි.මුජිබර් රහුමන් මහතා කොළඹ මහනගර සභාවේ පුරපති ධුරයට තරග වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

කාලීන පුවත්