ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවදානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලයේ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වූ අතර ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය. 2024 වර්ෂයේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 8ක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

කාලීන පුවත්