කවුද මේ තනියම ගමන් බිමන් යන්න කැමති”ඉසෙඩ් පරපුරේ”ලලනාවෝ?

vinivida

කාන්තාවකට තනිව සංචාරය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කොට තිබෙන බව පසුගිය දිනවල මාධ්‍යවල පළවී තිබෙනු දකින්නට හැකි විය. මේ බව නිර්දේශ කොට ඇත්තේ බ්‍රිතාන්‍යය මූලික කරගත් මාධ්‍ය සහ සත්කාර සපයනු ලබන, ලොව වටා වූ රටවල් පිළිබඳ තොරතුරු බෙදා හරිනු ලබන ලෝක ප්‍රකට https://www.timeout.com/ වෙබ් අඩවිය මගිනි. කාන්තාවකට තනිව සුරක්ෂිතව සංචාරය කළ හැකි රටවල් කිහිපයක් ඔවුන් මෙහි දී තෝරා ගෙන ඇති අතර ඒවා වන්නේ පෘතුගාලය, චෙකියා (කලින් චෙක් ජනරජයට අයත්ව තුබූ කලාපයක්), ජපානය, ගෝතමාලාව, වියට්නාමය, ඕස්ට්‍රේලියාව, ග්‍රීසිය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව වන අතර 0 සිට 10 දක්වා ලකුණු ලබා දීමේ දී වැඩිම ප්‍රමාණයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය. ඔවුන් ලකුණු ලබාදීමේදී යම් නිර්ණායක කිහිපයක් සලකා බලා තිබේ. ඒ කෙසේ වෙතත් අප රටේ සාම්ප්‍රදායික පිළිගැනීම වී ඇත්තේ කාන්තාවක් තනිව ගමන් බිමන් යාම නොකළ යුතු දෙයක් වශයෙනි. විශේෂයෙන් දුර ගමනක් යාමේ දී කවුරුන් හෝ හවුල් කර ගැනීමේ පුරුද්ද කාන්තාවන් අනුගමනය කරන්නේ මේ නිසාය. මේ වෙබ් අඩවිය මෙහිදී සියලුම කාන්තාවන් මෙයට අදාළ කර ගන්නේ නැත. මේ වන ලෝකයේ ඉස්මතු වී ඇති ඉසඩ් පරපුරේ (Gen – Z) කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් මෙය අදාළ වන බව පවසයි. මේ පිළිබඳ තොරතුරු සොයා යාමේ දී ඉසඩ් පරම්පරාවේ කාන්තාවන් ලොව පුරා බහුලව සිටින අතර ඔවුන් තනිව සංචාරය කිරීමේ දැඩි කැමැත්තකින් පසුවන බව ද පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් මේ පරම්පරාව පිළිබඳ දන්නේ නැත. එබැවින් අපගේ වැඩි කුතුහලයක් ඇදී යන්නේ කාන්තාවන් අප රටේ තනිව සංචාරය කිරීමට නොව මෙසේ තනිව සංචාරය කරන්නට කැමැත්තෙන් පැමිණෙන ඉසඩ් පරම්පරාවේ කාන්තාවන් කවුද කියාය.

සැබවින්ම මේ ඉසඩ් පරම්පරාව යනු කුමක්ද? ඔබ සමාජ මාධ්‍ය භාවිත කරන්නෙක් නම් මේ වන විට මැදිවියේ පමණ පසුවන්නන් ඔවුනට වඩා වයසින් ලාබාල පරපුර හඳුන්වන්නට, විශේෂයෙන් ඔවුන්ගේ වැරදි දකිමින් විවේචනය කරන්නට යොදා ගන්නා ප්‍රකට යෙදුමක් තිබේ. ඒ ‘2000 න් පස්සේ ඉපදුණු එවුන්’ යන්නය. ඉසඩ් පරම්පරාව ද මේ හා සමාන දෙයකි.

ආගමික වශයෙන් විශ්වාස නොකරන්නන් බහුතරයක් මේ පරම්පරාවේ සිටින අතර කලින් පරම්පරාවන් මෙන් අනාරක්ෂිත ගැබ් ගැනීම්වලින් වැලකී සිටීමේ මනා දැනුමකින් ද මොවුන් යුක්ත බව බව පෙනෙන්නට තිබේ.අප මේ කතා කළේ පොදුවේ ඉසඩ් පරම්පරාව පිළිබඳවය. ලෝකය පුරා තනිව සංචාරය කිරීමේ වැඩි කැමැත්තක් දක්වන්නේ මේ පරම්පරාවට අයත් කාන්තාවන්ය. ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයේ සංචාරක ප්‍රජාව අතර වැඩි කතාබහක් ලක් වන්නට හේතු වී ඇත්තේ මේ පරම්පරාවේ කාන්තාවන් ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් යැයි පිළිගෙන තිබීම නිසාය.

ඉසඩ් පරම්පාරවට පෙර පැවතියේ එක්ස් පරම්පරාවය. එක්ස් පරම්පාරවට අයත් වන්නේ 1960 දශකයේ සිට 1970 දශකයේ අගභාගය අතර කාලයේ උපන් පිරිසය. ඔවුහු මේ වන විට මැදිවියේ හෝ මැදිවිය ඉක්මවා සිටිති. බහුතරයක් විවාහ වී දරුවන් සිටින දෙමාපියන්ය. මේ එක්ස් පරම්පරාවේ දරුවන් බොහෝ විට ඉපදී ඇත්තේ 1990 දශකයේ අග භාගයේ සිට 2010 දශකයේ මුල් භාගයේ ය. ඔවුහු මේ වන විට උපරිම වශයෙන් අවුරුදු 34 සහ අවම වශයෙන් අවුරුදු 14 වයසවල පසුවෙති. ඉසඩ් පරම්පරාවට අයත් වන්නේ ඔවුන්ය. ඉතා කුඩා කාලයේ සිටම අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය සහ උපාංග පරිශීලනය කරමින් හැදී වැඩෙන්නට මුලින්ම අවස්ථාව ලැබුණේ ඔවුන්ටය. ඩිජිටල් සාක්ෂරතාවයකින් යුක්ත් වීම අත්‍යවශ්‍ය නොවුනද ඔවුන්ව හඳුන්වනු ලබන්නේ ‘ඩිජිටල් ස්වදේශිකයන්’ (Digital Natives) වශයෙනි. ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන, ටැබ් පරිගණක සහ පොදුවේ දර්ශන තිර සහිත උපාංග වැඩි කාලයක් භාවිත කිරීමේ ඍණාත්මක ප්‍රතිඵල අත්විඳීම සම්බන්ධව ලෝකයට මුලින්ම සාධක එකතු වන්නේ ද මේ පරම්පරාව තුළිනි.

මොවුහු එක්ස් පරම්පරාවට වඩා මන්දගාමී ජීවන ශෛලියක් අනුගමනය කරන බව පෙනී යයි. ආගමික වශයෙන් විශ්වාස නොකරන්නන් බහුතරයක් මේ පරම්පරාවේ සිටින අතර කලින් පරම්පරාවන් මෙන් අනාරක්ෂිත ගැබ් ගැනීම්වලින් වැලකී සිටීමේ මනා දැනුමකින් ද මොවුන් යුක්ත බව බව පෙනෙන්නට තිබේ.

අප මේ කතා කළේ පොදුවේ ඉසඩ් පරම්පරාව පිළිබඳවය. ලෝකය පුරා තනිව සංචාරය කිරීමේ වැඩි කැමැත්තක් දක්වන්නේ මේ පරම්පරාවට අයත් කාන්තාවන්ය. ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයේ සංචාරක ප්‍රජාව අතර වැඩි කතාබහක් ලක් වන්නට හේතු වී ඇත්තේ මේ පරම්පරාවේ කාන්තාවන් ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් යැයි පිළිගෙන තිබීම නිසාය.

දැනට සමීක්ෂණවලින් හෙළිවී තිබෙන ආකාරයට ඉසඩ් පරම්පරාවේ කාන්තාවන්ගේ සිතුම් පැතුම් ඊට පෙර පරම්පරාවේ කාන්තාවන්ට වඩා වෙනස්ය. ඔවුහු බහුතරයක් විශ්වාස කරන්නේ නවීන් ‘ස්ටෙම් අධ්‍යාපනය ( STEM education) තමාට ලැබිය යුතු බවය. ස්ටෙම් අධ්‍යාපනය යනු සාම්ප්‍රදායික අධ්‍යාපනය නොව තමන්ට කැමති පරිදි තමන් අධ්‍යයනය කරන විෂය ධාරාව තෝරා ගැනීමේ ක්‍රමයයි. උදාහරණයක් ලෙස ගෙන බැලුවහොත් විද්‍යා විෂය සමග සිංහල විෂය ද ඉගෙන ගැනීමට ඉඩ සැලසීම වැනි දෙයකින් ඒ බව අවබෝධ කර ගත හැකිය.

කෙටියෙන් පවසතොත් පෙර පරම්පරාවට වඩා නිදහස්ව, ස්වාධීනව සිතන පරම්පාරවක් ලෙස ඔවුන්ව හඳුනාගත හැකිය. එසේ හෙයින් තනිව ගමන් බිමන් යාම ඔවුනට අනුව අරුම දෙයක් නොවේ. ඔවුනට අවශ්‍ය තමාගේ ඒ අපේක්ෂාව සුරක්ෂිත සාක්ෂාත් කරගත හැකි ගමනාන්තයක් පමණි. ඒ අතරින් සුදුසුතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ.

එමෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳ ඉතා විවෘතව කතා කරන්නට මේ පරම්පරාවේ කාන්තාවන් ඉතා කැමතිය. එමෙන්ම මේ පරම්පරාවේ කාන්තාවන්ගෙන් 72%ක්ම විශ්වාස කරන්නේ තමා මිල දී ගත යුතු වන්නේ පරිසර හිතකාමී, යම් කිසි ප්‍රකට වෙළෙඳ නාමයකින් යුක්ත නිෂ්පාදන පමණක් බවය. සමාජය තුළ පවතින වාර්ගික විවිධත්වය ඉතා යහපත් ලක්ෂණයක් බව, සමාජ ජාලවල තම ලිංගිකත්වය හැඳින්වීම සඳහා ගැහැනු හෝ පිරිමි හැරුණු විට වෙනත් විකල්ප ද තිබිය යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. නව ජීමේල් ගිණුමක්, ෆෙස්බුක් ගිණුමක් සෑදීමේ දී මෙය අත්දැකිය හැකිය. මේ පරම්පරාවේ බහුතරයක් සමලිංගිකත්වය, ලිංග විපර්යාසයට ලක්වූවන්, ඔවුන්ගේ අයිතිවාසිකම් දැඩිව විශ්වාස කරන්නන්ය.

මේ පරම්පරාවේ බහුතරයක් තමාගේම ව්‍යාපාරයක් කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ.

ඉසඩ් පරම්පරාව සහ විශේෂයෙන් එයට අයත් කාන්තාවන් පිළිබඳ තවත් කොතෙකුත් තොරතුරු අන්තර්ජාලය පිරික්සීමෙන් සොයා ගැනීම දුෂ්කර නැත. කෙසේ වෙතත් මේ සඳහන් කොට ඇති තොරතුරුවලින් ඉසඩ් පරම්පරාවේ කාන්තාවන් යනු කවුරුන්දැයි අවබෝධයක් ලබාගැනීම දුෂ්කර නැත. කෙටියෙන් පවසතොත් පෙර පරම්පරාවට වඩා නිදහස්ව, ස්වාධීනව සිතන පරම්පාරවක් ලෙස ඔවුන්ව හඳුනාගත හැකිය. එසේ හෙයින් තනිව ගමන් බිමන් යාම ඔවුනට අනුව අරුම දෙයක් නොවේ. ඔවුනට අවශ්‍ය තමාගේ ඒ අපේක්ෂාව සුරක්ෂිත සාක්ෂාත් කරගත හැකි ගමනාන්තයක් පමණි. ඒ අතරින් සුදුසුතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ. දැන් අප රටේ සංචාරක බලධාරීන් කළ යුත්තේ ඒ ගැන කතා කරමින් සිටීම නොව එයින් ප්‍රයෝජනය ගෙන කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තවත් වර්ධනය කොට මේ ප්‍රවණතාවෙන් ප්‍රයෝජනය ගැනීමය. කෙසේ නමුත් දෙන දෙයියන් අතටම ගෙනැවිත් දුන්න ද අප රටේ සිටින බලධාරීන් එය කටට දමා ගනීද කසල බඳුනකට දමාවිද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර