මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් මත පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයිය හැකි බව තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ බන්දුල නම් ගොවි මහතකු ප්‍රායෝගිකව ඔප්පු කොට ඇත.මෙම ගොවීන් ඇගයීමට ලක් කිරීමේ වැඩ සටහනක් ඊයේ(05) තිරප්පනේ පුලියන්කුළම බන්දුල මහතාගේ නිවසේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.මෙම ගොවීන් විසින් විවිධ බෝග වර්ග එනම්- මිරිස්, පැණි කොමඩු , තල, මුං ඇට වැනි බෝග වර්ග වගා කොට තිබේ. ඒ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම ගොවීන්ට හඳුන්වා දී ඇති අධි ඝනත්ව වගා ක්‍රමය,ඩබල් රෝ වගා ක්‍රමය, විසිරි හා ජල බිංදු තාක්ෂණය වැනි නවීන වගා තාක්ෂණ ක්‍රම අනුගමනය කරමිනි..ඒ අනුව එම තාක්ෂණික උපක්‍රමයන් භාවිතා කරමින් වගා කළ තිරප්පනේ ගොවීහු 125කගෙන් 80 දෙනෙක් 2023 වසරේ මාස 02 සිට මාස 09ක් දක්වා වු කාලය තුළ රුපියල් මිලියන 2.5 සිට රුපියල් මිලියන 7.5ක් දක්වා ආදායම් ඉපයීමට සමත් ව සිටිති.කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13ක වියදමින් ඉදි කළ මිරිස් වේලීමේ නව තාක්ෂණික යන්ත්‍රය ද අමාත්‍යවරයා අතින් මෙහි දී ගොවීන් ගේ අයිතියට පත් කෙරිණි. මෙම යන්ත්‍රය මගින් පැය 16ක දී එකවර ඉදුනු මිරිස් කිලෝග්‍රෑම් 800ක් වියලීමට හැකියාව ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්