තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි වයර් පෑගීමක් ?

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ඔහුට අයත් පොල්වත්තකදී වැරදීමකින් සිදුවූ විදුලි වයර් පෑගීමකින් සිදුවූවක් බව ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම මහතා නාගොඩ රෝහල අසළදී මාධ්‍ය වෙත පවසා තිබේ.මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් ඔහු මරණය සිදුවූ ආකාරය ගැන අරුන් තෙවරප්පෙරුම නාගොඩ රෝහල අසළදී මාධ්‍ය වෙත මෙසේ පැහැදිලි කොට තිබේ .” තමන් ගේ පුද්ගලික වත්තේ බාප්පා පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු වයර් කම්බියක් පෑගිලා බාප්පාට විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා.එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.” ඒ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් එය නිම වූ පසු විස්තර කිව හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

කාලීන පුවත්