දිල්ලියේ වායු දූෂණය උග්‍ර අතට

ඉන්දියාවේ දිල්ලියේ වායු දූෂණය ඉතා දැඩි බවට පත්ව ඇත.ඊයේ (6 දා) පෙරවරුවේ වායු දූෂණ දර්ශකය 412 ක් ලෙස සටහන්ව තිබේ. මෙය ඉතා නරක තත්වයක් බව ද වාර්තා වන අතර කිසිවකුට නිවසින් බැහැරව ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස දැනුම් දී තිබේ.ඊයේ පෙරවරුවේ ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ලෝක කුසලාන තරගය අවලංගු විය හැකි තත්ත්වයක් මතුව ඇති බවකි. කෙසේ නමුත් දහවල් කාලය වෙද්දී වායු දූෂණ තත්ත්වය තරමක් යහපත් ව තිබේ. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එරට අගනුවර අඛණ්ඩව හත්වන දිනටත් විෂ සහිත මීදුමකින් වැසී ගොස් තිබුණු බවකි. මේ අයහපත් වායු දූෂණ තත්ත්වය නිසා දිල්ලියේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාලීන පුවත්