දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස වැඩි වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කාලීන පුවත්