දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති.

ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී බව සඳහන් කරන මගින් දුම්රිය මගීන්ගෙන් පිරී සිටින මැදිරිවලදී පවා මෙම යාචකයන් සෙනග අතරින් රිංගා යමින් හිංසාකාරී ලෙස හිඟමන් යදින බව පැවසීය.

සුවපහස දුම්රිය සේවාවක් යනු මෙයාකාරයෙන්ම හිඟන්නන්ගේ පීඩාවට ලක්වීම දැයි දුම්රිය බලධාරීන්ගෙන් විමසා සිටිය යුතු බවද ඔවුන් පැවසීය.

කාලීන පුවත්