මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී

විසිවන සියවසේ අප රටේ පහළ වූ භාෂා ශාස්ත්‍ර,මානව විද්‍යා,කලා සන්නිවේදන යන විෂයන් හි ප්‍රාමාණික පඬිවරයකු වූ ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22)) දින අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 80 වියේ පසු වු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්යවරයෙකු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.හැත්තෑව දශකයේ අප රටේ තුළ ඇති වූ සාහිත්‍යය ඇතුළු සකල විධ කලා ක්ෂේත්‍රයන් හි ප්‍රබෝධමත් සමයේ ඒ සම්බන්ධ පුරෝගාමියකු සේ කැපී පෙනුණු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ඇතුළත් වේ.ඔහු විසින් රචනා කළ කෘතීන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.මහාචාර්ය වරයාගේ දේහය හෙට පෙ.ව 8.30 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ලෝටස් අවමංගල්‍යාගාරයේ තැන්පත් කොට තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා(ඉරිදා) ප.ව 6.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙනු ඇත.

කාලීන පුවත්