ආරක්ෂක හමුදා භාරයේ තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය භාරයේ තිබූ ඉඩම් අක්කර 234 ක ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා නිදහස් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස පහකට අයත් ඉඩම් ඒ අනුව නිදහස් කර ඇති බවය.මේ අතර ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ.

කාලීන පුවත්