25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්

ලබන 25දා ආරම්භ වන සතියේ සිට රජයේ සියලු රෝහල්වල යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා මේ වනවිට ලබාදී ඇති තාක්ෂණික වාර්තාවන්ට මුදල් අමාත්‍යාංශය ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට සිය සන්ධානය ඒකමතිකව තීරණය කළ බව ද එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසයි.සෞඛ්‍ය වෘත්තීය සමිති 72කට අයත් නියෝජිතයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් එබැවින් සෞඛ්‍ය අංශයේ සියලු කාර්යයන්වල නිරතව සිටින ලක්ෂයකට අධික සමිති සාමාජිකයන් කෙටි දැනුම්දීමකින් මෙම වෘත්තීය ක්‍රියාා මාර්ගයට අවතීර්ණ වන බවත් හෙතෙම සඳහන් කරයි.ඒ අනුව ලබන සතියේ සෞඛ්‍ය සේවාව තුළ යළි අඛණ්ඩ වැඩවර්ජනයක් ඇතිවීම වළක්වාලීම සඳහා සාධනීය ලෙස මැදිහත්වීමේ අවකාශය මුදල් අමාත්‍යාංශය සතුව ඇති බවත් එබැවින් එය එසේ සිදු නොවන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කරන බවත් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්