පොඩිපහේ ප්‍රශ්නයක් නොවන ලොකු ළුෑනු අර්බුදය


එළවළු ගැන කතා කිරීමේ දී ඇතුවත් නැති නැතිවත් බැරි එළවළුවක් බවට පත්ව ඇත්තේ ළුෑනුය. ළුෑනු නොමැති වෑංජනයක් කෑමට ගන්නවාට වඩා නොකා සිටීම හොඳ යැයි සිතෙන තරමටම අපි ළුෑනුවලට ලොල්වී සිටින ජාතියක් වෙමු. කෙසේ වෙතත් එළවළු කඩයකට ගොස් ළුෑනුවල ගණන් ඇසූ විට එලොව පොල් පෙනෙන්නේය. ඒ තරමටම ළුෑනුවල මිල වැඩිය. මේ වන විට ලොකු ළුෑනු කිලෝ එකක් රුපියල් 500ට වැඩිය. එයට හේතුව වී ඇත්තේ ඉන්දියාව ගණන් උස්සා තිබෙන නිසාය. ගණන් උස්සා කියා සඳහන් කළේ ළුෑනු මිිල වැඩි කළ එකක් නොව නොව “අපි වෙන රටවලට ළුෑනු යවන්නේ නෑ” හෙවත් අපනයනය සීමා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පටන් අරන් තිබෙන නිසාය. ‘අද සිට ණයට දෙන්නේ නැත’ කියා කඩේ ප්‍රදර්ශනය කොට තිබුණ ද හොඳටම දන්නා කියන අයට කඩේ මුදලාලි ණයට බඩු දෙන්නේය. ඒත් අපි ඉන්දියාව හොඳටම දන්නා අය වුවත්, අපට ළුෑනු ටිකක්වත් දෙන්නට ඉන්දියානු මුදලාලි කැමැත්තක් දක්වන්නේ නැතිය. මේ නිසා ආණ්ඩුව චීනයෙන් ළුෑනු ගෙන්වන්නට තීරණය කර තිබෙන්නේය. තව දින කිහිපයකින් මේ තොග ලංකාවට ලැබුණු පසු ඉන්දියානු මුදලාලිගේ ගණන් බලන්නට ඕනෑ නැත. සිංහල අලුත් අවුරුද්දට පීන පීන ළුෑනු කන්නට අපට එවිට හැකියාව ලැබෙන්නේය.

කාලයක් බොම්බයි ළුෑනු කමින් සිටිය දී 88/89 කාලයේ ලංකාවේ කලබලකාරී තත්ත්වයක් ඇති වුණේය. සන්නද්ධ කල්ලි සහ ආණ්ඩුව අතර ගැටුම් ඇති වුණේය. ඒ අතරේ ඉන්දියානු සාම සාධක හමුදාවත් ලංකාවේ පැලපදියම් වී සිටියේය. ටිකෙන් ටික ඉන්දීය විරෝධයක් ඇති වුණු අතර බොම්බයි ළුෑනුවලට ද ඒකම බලපෑවේය. ළුෑනුවලට වෙළෙඳ පොලේදී ‘බොම්බයි’ කියා කීවොත්, මයිසූර් පරිප්පුවලට මයිසූර් කියා කීවොත් මාර පරිප්පුවක් කන්න වෙන තත්ත්වයක් උදාවුණේය.

ඒ අතරේ කෘෂිකර්ම අමාත්‍යංශය “අනේ ළුෑනු වගා කරන්න” යැයි කියමින් මාතලේ පැත්තේ ගෙවල් ගානේ යන බව ද දැනගන්නට ලැබී තිබෙන්නේය. “අපිම වගා කරගත්තා නම් ඉන්දියාවේ ගණන් බලන්න ඕනෑ නැත” කියා සිතා මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2000 ක් වගා කරන්නට දතකට මදිමින් සිටින්නේය. ඒ අතරේ ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ගැන කතා කරන බව ද ඇසෙන්නේය. අපට කන්නටවත් ළුෑනු නැති රටක මොන අපනයන ආර්ථික ද කියා අසන්නට එවිට සිතෙන්නේය.

ළුෑනු විද්‍යාත්මකව වර්ග කිරීමේ දී ඒවා අයිති වන්නේ Allium කියන ගණය (genus) ටය. මේ ගණයට අයත් එළවළු අතරින් ලෝකයේ වැඩියෙන්ම වගා කරන්නේ ළුෑනුය. ළුෑනුවල සංයුතියෙන් සියයට 89 ක්ම ජලය ය. සියයට 9ක් කාබෝහයිඩ්‍රේට් ද තිබෙන්නේය. ඊට අමතරව තව තව පෝෂණ කොටස් දකින්නට පුළුවන්ය. පිළිකා වැනි නිදන්ගත රෝග සුවපත් කිරීම සඳහා ශරීරයට අවශ්‍ය ‘ශාක රසායන’ (Phytochemicals) වැඩියෙන්ම තියෙන්නේ ළුෑනුවලය.

ළුෑනු ගැන කතා කළොත් අපට ළඟින්ම තියෙන වර්ග කීපයක්ම තිබේ. ඒවා නම් ලොකු ළුෑනු, රතු ළුෑනු හා සුදු ළුෑනු ය. අපි කුඩා කාලයේ වැඩිපුරම දැක තිබුණේ රතු ළුෑනුය. මාළු පිනි පිළියල කිරීමේ සිට අච්චාරු සහ සීනි සම්බල් ආදිය දක්වාම යොදා ගත්තේ රතු ළුෑනුය. ඊට පසු කාලයේ ඉන්දියාවෙන් අපට ළුෑනු වර්ගයක් ලැබුණු අතර රතු ළුෑනුවලට වඩා ලොකු වූ ඒවාට ඒ කාලයේ කීවේ ‘බොම්බයි ළුෑනු’ කියාය. රතු ළුෑනුවලට වඩා සැර ටිකක් අඩු වුවත් මිනිස්සු බොම්බයි ළුෑනු කන්නට පුරුදු වුණෝය. මෙසේ කාලයක් බොම්බයි ළුෑනු කමින් සිටිය දී 88/89 කාලයේ ලංකාවේ කලබලකාරී තත්ත්වයක් ඇති වුණේය. සන්නද්ධ කල්ලි සහ ආණ්ඩුව අතර ගැටුම් ඇති වුණේය. ඒ අතරේ ඉන්දියානු සාම සාධක හමුදාවත් ලංකාවේ පැලපදියම් වී සිටියේය. ටිකෙන් ටික ඉන්දීය විරෝධයක් ඇති වුණු අතර බොම්බයි ළුෑනුවලට ද ඒකම බලපෑවේය. ළුෑනුවලට වෙළෙඳ පොලේදී ‘බොම්බයි’ කියා කීවොත්, මයිසූර් පරිප්පුවලට මයිසූර් කියා කීවොත් මාර පරිප්පුවක් කන්න වෙන තත්ත්වයක් උදාවුණේය. මේ නිසා උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආණ්ඩුව බොම්බයි ළුෑනුවලට ලොකු ළුෑනු කියා ද මයිසූර් පරිප්පුවලට රතු පරිප්පු කියා ද පවසමින් ඉන්දීය විරෝධය හොරෙන්ම යටපත් කර දැමුවේය. මිනිස්සු ඊට පස්සේ බොම්බයි ළුෑනු කනවා තබා ඒ දෙස හැරිලාවත් බැලුවේ නැති අතර ලොකු ළුෑනු කන්නට පටන් ගත්තේය. දෙකම එක වුනත් නම වෙනස් නිසා ගැටලුවක් වූයේ නැත.

මේ තරම් කතා කරන ළුෑනු විද්‍යාත්මකව වර්ග කිරීමේ දී ඒවා අයිති වන්නේ Allium කියන ගණය (genus) ටය. මේ ගණයට අයත් එළවළු අතරින් ලෝකයේ වැඩියෙන්ම වගා කරන්නේ ළුෑනුය. ළුෑනුවල සංයුතියෙන් සියයට 89 ක්ම ජලය ය. සියයට 9ක් කාබෝහයිඩ්‍රේට් ද තිබෙන්නේය. ඊට අමතරව තව තව පෝෂණ කොටස් දකින්නට පුළුවන්ය. පිළිකා වැනි නිදන්ගත රෝග සුවපත් කිරීම සඳහා ශරීරයට අවශ්‍ය ‘ශාක රසායන’ (Phytochemicals) වැඩියෙන්ම තියෙන්නේ ළුෑනුවලය. මේවා අනෙක් එළවළුවලට වඩා හය ගුණයකින් පමණ ළුෑනුවල තිබෙන්නේය. ඒ වාගේම ළූනුවල ඇති ප්‍රතිඔක්සිකාරක (antioxidants), දියවැඩියාව සහ හෘද රෝගවලට පාලනය කිරීමේදී පුදුමාකාර ගුණ ගෙන දෙන්නට හේතුවී තිබෙන්නේය. ළූනුවල ඇති oligofructose නමින් හඳුන්වනු ලබන දියවනසුළු තන්තු නිසා බඩවැල්වල ආහාර ජීර්ණය කරන්නට හේතුවන බැක්ටීරියා නිපදවීම ද සිදුවන්නේය.

ළුෑනු කන්නට කැමති වුවත් බොහෝ දෙනෙක් ළුෑනු කපන්නට කැමති නැතිය. එයට හේතුව ජීවිත කාලයටම ඇඬුවේ නැතත් ළුෑනු කපද්දී කඳුළු පනින නිසාය. එය ළුෑනු ගෙඩියේ ආරක්ෂාවට සොබා දහමෙන් ලැබී තිබෙන දායාදයක්ය. එක කාලයක දී කඳුළු පනින්නේ නැති ළුෑනු වර්ගයක් නවසීලන්තයේ නිපදවන්නට උත්සාහ ගත බවත් කියන්නට ඕනෑය. මිනිස්සු ළුෑනුවලට ආදරය කළත් මේවා සුනඛයන්ට, බළලුන්ට වැනි සතුන්ට විෂ වෙන්නට පුළුවන් ය.

මේවා එක්තරා දේශගුණික කලාපවල පමණක් සරුවට වැඩෙන නිසා අනෙක් බොහෝ එළවළු මෙන් කැමති කැමති පළාත්වල සිටුවන්නට හැකියාවක් ද නැතිය. ලෝකයේ මුලින්ම ළුෑනු ඇතිවුණේ කොහේ ද කියා නිවැරදි මූලාශ්‍ර නැතත් ඉරානය, පකිස්තානය සහ මධ්‍යම ආසියාවෙන් මේ ගැන ඉපැරණි සාධක ලැබී තිබෙන්නේය. චීනයෙන් ලැබී ඇති ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ක්‍රිස්තු පූර්ව පන්දාහේ දී ද චීන්නු ළුෑනු කෑමට ගෙන තිබෙන්නේය. ඊජිප්තුවේ ද ක්‍රිස්තු පූර්ව ගණන්වල සිටම ළුෑනු ජනප්‍රිය දෙයක් බව පෙනෙන්නේය. හතරවැනි රැම්සස් රජුගේ මමියේ ඇස් කුහර පුරවා ඇත්තේ ළුෑනුවලින් බව ද දැනගන්නට ලැබී තිබෙන්නේය.

ඉතා ඈත අතීතයේ සිටම ‘ජනතාවගේ එළවළුව’ ලෙස සම්මානය දිනාගෙන ඇත්තේ ළුෑනු බව තහවුරු කරන්නට සාධක ඕනෑ තරම්ය. විශේෂයෙන් ආසියානු රටවල ළුෑනු නැති වෑංජනයක් නැති තරම්ය. ඒ වාගේම ළූනුවලින් සාදා ගත හැකි කෑම ජාති ද ඕනෑ තරම්ය. ළුෑනු නැතිව කෑම හදනවා නම් ඒ මේ දවස්වල ළුෑනු ගණන් උස්සා තිබෙන නිසාය. කෙතරම් ගණන් ඉස්සුවත් ළුෑනු නැතිවම බැරිය. මීවතකට අවන්හලකින් ‘ඩෙවල් එකක්’ ඉල්ලද්දී පවා පවසන්නේ ‘මල්ලී ළුෑනු ටිකක් වැඩියෙන් දාලා ගේන්න’ කියාය. ළුෑනු නැති තැන සිංහල අවුරුද්දක් ද නැත. ඩෙවල් ද නැත. මනමාලි නැති මඟුලක් වාගේය. මේ නිසා චීනයෙන් හෝ ළුෑනු ගෙනැවිත් දෙන්නට ආණ්ඩුව තීරණය කළ එක අතකට හොඳය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර