දේශබන්ධුට ඉහළින් වික්‍රමරත්න තැබීමේ තැතක්?

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලතල සහිත පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වේ.මෙම තනතුරට අමතරව ඔහු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් වැඩි ප්‍රමුඛතාව ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධූරය චන්දන වික්‍රමරත්න මහතාට ලබා දීමට බව පැවසේ.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත්තේ තුන් මසකට වන අතර මේ වන විට ස්ථිර පොලිස්පති වරයකු පත් කිරීමට නොහැකිව මාස අටකටත් කාලයක් ගත වී තිබේ.

කාලීන පුවත්