නාමල්ගේ ජනපතිවරණ සිහිනය බිඳ වැටෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිවාදියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි පැවසෙයි.ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම පදනම් ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩ නඟා ගත හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පදවිය ලැබීමෙන් පසු පැවසූ නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කරනු දක්නා ලදී.එහෙත් ඔහු ගේ එම උත්සාහය එතරම් සාර්ථක නොවූ බව මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැලියෙන් සනාථ වූ අතර ඔහු මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් නොකරන බවත්, ඔහුට ඒ සඳහා තව කල් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා වැල්ලවත්තේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදී පවසා තිබේ.නමුදු ඊළඟ ජනපතිවරණය සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදු පෙරමුණු සහාය ලබා දෙන්නේ ද යනුවෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීම දී හිටපු ජනපති වරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එවැනි සහායක් ඉල්ලා නොමැති බවකි..

කාලීන පුවත්