නායයාම් අනතුරු ඇඟවීම් – ප්‍රදේශ කිහිපයකට ගංවතුර

පවතින අයහපත් වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේන නිකුත් කළ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය ,නෙළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසයන්ට කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර , බුලත්සිංහල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසයන්ටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, ඉඹුල්පේ, කුරුවිට, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන, අයගම, කිරිඇල්ල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසවලටත්

අදියර 1 යටතේ විමසිලිමත්ව සිටිමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මන්නාරම දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයන් හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇත.

මන්නාරම ශාන්තිපුරම්, සෞත්බාර් සහ සිම්රෝන් නගර් ප්‍රදේශයන්හි පිහිටි කුඩා ගම්මානයන්හි ජනතාවගේ දෛනික කටයුතු වලට පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් දැඩි බාධාවන් එල්ල වී ඇත.

ගෙවී ගිය සතියකට අධික කාලයක් මන්නාරම් දිස්ත්‍රික්කයට නොකඩවා වර්ෂාවන් ඇදහැලෙන බවට ජනතාව සදහන් කරයි.

කාලීන පුවත්