පනස් පන් දහසක් ආපදාවට;කාලගුණය තව දුරටත් අයහපත්

මේ දිනවල පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් දහතුන් දහස් හයසිය විසිහතකට අයත් පුද්ගලයන් පනස් පන් දහස් හත්සිය අසූ දෙනෙකු ආපදාවන්ට ලක්ව සිටින අතර ඉදිරි පැය විසි හතර තුළ ද දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ආපදාවන්ට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.මේ අතර .බස්නාහිර හා දකුණ යන පළාත් ඔස්සේ ගලා බසින ගංගා සියල්ලම පාහේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වර්ෂාව පවතින ප්‍රදේශවල පස් අධික තෙතමනයකින් යුක්ත බැවින් සැළකිලිමත් වන ලෙසට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර පවතින කාලගුණ ත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

 

කාලීන පුවත්