පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි

වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කරන ලෙස කී අමාත්‍යවරයා එම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව ඇති වී කිලෝ ලක්ෂ පනහක් පමණ මහ කන්නයේ අස්වනු නෙලීමට පෙර කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට අලෙවි කර ගබඩා හිස් කරන්නැයි ද අමරවීර මහතා කීය.

කාලීන පුවත්