පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ

බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා බාස් තනතුරක් තිබේ. එනම් ‘ළිං බාස්’ ය. ළිං බාස් යනු හුදෙක් කම්කරුවෙක් නොවේ.එම තනතුර තුළ ලුහු පරිමාණයේ සැලසුම් කරු, සිවිල් ඉංජිනේරු,වැඩ මූලික, කාර්මික ශිල්පී, පෙදරේරු ආදී වෘත්තීන් කිහිපයක් සුසංයෝග වී තිබේ. ඒ සියලුම වෘත්තීන් ගෙන් සැදුම් ලත් ළිං බාස් කෙනෙකු යම් කෙනකු උදෙසා කිසියම් භූමියක ළිඳක් කැපීමට භූමිය තෝරා ගැනීමේ සිට එහි උල්පත් ජලය පැමිණි පසු ඒ දියවර රැක දීම පිණිස වන වළලු බැස්සීම ආදී කටයුතු වල සිට ළිඳ බැඳ එහි හිමිකරුවන්ට භාර දෙන තෙක් තම වගකීම් රැසක් ඉටු කළ යුතු ය. එමෙන්ම ඇතැම් ළිං බාස් උන්නැහේලා පොළව තුළ දිය උල්පත් සෙවීම පිණිස පොළව මතු පිට සිට යොදන අපූරු උපාය මාර්ග කිහිපයක් ද වේ. ඉරටුවක් මගින් පොළව තුළ ඇති ජලය නිරීක්ෂණය කිරීම ඒ අතුරින් ප්‍රධාන ය. එවන් පරිපූර්ණ ළිං බාස් කෙනෙකු ගේ ලක්ෂණ සහිත වත්මන් සමාජයෙන් වඳ වී යන කාර්මික පරපුරක සාමාජිකයකු පිළිබඳ විමසිල්ලෙන් සිටි මට පසුගිය දා ගල්ගමුවේ දී එවැන්නෙක් හමු විය. ඒ ගල්ගමුව සියඹලංගමුවේ චිත්‍ර හා මූර්ති ශිල්පී ජේ රත්නායකයන් විසින් හඳුන්වා දෙන ලද ප්‍රේමදාස ලියන්නාගම ළිං බාස් උන්නැහේ ය. ළිඳ කැපීම පිණිස භාර වන ඉඩමේ ජලය ඇති තැන් සෙවීමට ඉරටුව යොදා ගන්නා පැරණි පරපුරේ අවසන් සාමාජිකයෙකු වන ඔහු පවසනුයේ එම ඉරටු ක්‍රමය මගින් ජලය ඇති තැන් ‘ටක්කෙටම’ කිව හැකි බව ය.

පළමුව පොල් ගසක කොළයකින් අමු ඉරටුවක් ගෙන එය ඉංග්‍රීසි “වී” අකුරක හැඩයෙන් දෙකට නවා ගත යුතු ය. ඉන් පසුව ඒ ඉඩමේ භූමි ආරක්ෂක දෙවි දේවතාවන් වෙනුවෙන් එහි තෝරා ගත් ගසක පඬුරක් ගැට ගැසීම ඒ සම්බන්ධ දෙවන ක්‍රියාවලියයි. පසුව තමන් පැළඳ සිටින පාවහන්, හිස් වැසුම්, ඔර්ලෝසු, මාල, මුදු ගලවා ඉවත් කොට එම “වී” අකුරින් යුතු ඉරටුවේ දෙකෙළවරින් මෘදු ලෙස අල්ලා ගෙන ඒ ඉඩමේ ඒ මේ අත ගමන් කළ යුතු ය. එහිදී එම බිම කෙතරම් රළු පරළු වුවද කටු කොහොලින් යුතු වුව ද පාවහන් පැළදීම කෙසේවත් නොකළ යුතු ය. ඒ එසේ කළහොත් ඉන් එම කටයුත්ත සඳහා අවශ්‍ය භූමි ආකර්ශනය අහිමි වන බැවිනි. එවිට එම භූමියේ විවිධ ස්ථාන වලදී “වී” අකුරේ හැඩයෙන් යුතු එම ඉරටුවේ තුඩ මුළුමනින්ම පොළොවට නැවී එම ස්ථානය පසු කළ පසු යළි කලින් තිබූ ලෙසම පොළවට සිරස්ව පිහිටනු ඇත.

 ඒ සඳහා පළමුව පොල් ගසක කොළයකින් අමු ඉරටුවක් ගෙන එය ඉංග්‍රීසි “වී” අකුරක හැඩයෙන් දෙකට නවා ගත යුතු ය. ඉන් පසුව ඒ ඉඩමේ භූමි ආරක්ෂක දෙවි දේවතාවන් වෙනුවෙන් එහි තෝරා ගත් ගසක පඬුරක් ගැට ගැසීම ඒ සම්බන්ධ දෙවන ක්‍රියාවලියයි. පසුව තමන් පැළඳ සිටින පාවහන්, හිස් වැසුම්, ඔර්ලෝසු, මාල, මුදු ගලවා ඉවත් කොට එම “වී” අකුරින් යුතු ඉරටුවේ දෙකෙළවරින් මෘදු ලෙස අල්ලා ගෙන ඒ ඉඩමේ ඒ මේ අත ගමන් කළ යුතු ය. එහිදී එම බිම කෙතරම් රළු පරළු වුවද කටු කොහොලින් යුතු වුව ද පාවහන් පැළදීම කෙසේවත් නොකළ යුතු ය. ඒ එසේ කළහොත් ඉන් එම කටයුත්ත සඳහා අවශ්‍ය භූමි ආකර්ශනය අහිමි වන බැවිනි. එවිට එම භූමියේ විවිධ ස්ථාන වලදී “වී” අකුරේ හැඩයෙන් යුතු එම ඉරටුවේ තුඩ මුළුමනින්ම පොළොවට නැවී එම ස්ථානය පසු කළ පසු යළි කලින් තිබූ ලෙසම පොළවට සිරස්ව පිහිටනු ඇත. පසුව එසේ පොල් ඉරටුවේ තුඩ පොලොවට නැවෙන ස්ථාන මුල් කොට පැරණි වාස්තු විද්‍යාත්මක නියමයන්ට අනුව එම ස්ථානයේ ළිඳක් කැපීමට ඇති යෝග්‍යතාව විමසා බලා ඒ සඳහා වන ඊළඟ කටයුතු සම්පාදනය කළ යුතු බව ලියන්නාගම ළිං බාස් උන්නැහේ කියයි.අප ජන සංස්කෘතියේ එන පාරම්පරික විශ්වාසයනට අනුව ළිඳ යනු නිවසකට හිමි වැදගත්ම ස්ථානයකි.පුරාණ ගෙබිම් ශාස්ත්‍රයේ ළිඳ හැඳින්වෙනුයේ “කූප”යනුවෙනි.සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වලදී ළිඳ සමඟ ගනු දෙනු කිරීමක් ද මෑතක් වන තුරු දක්නට ලැබිණ. එනිසාම ඉහත සඳහන් ළිං බාස් තනතුර හුදෙක්ම කාර්මික වෘත්තියකින් මඳක් ඔබ්බට විහිද ගත් එකක් බව පෙනේ.
මගේ උපන් ගම වන ගණේමුල්ල, තිබ්බටුගොඩ ග්‍රාමයට යාබද හොරගොල්ල ග්‍රාමයේ මෙම ළිං කැපීම සම්බන්ධයෙන් මෑත භාගයේ විශේෂ ප්‍රසිද්ධියට පත් පුද්ගලයෝ දෙදෙනෙක් වූහ.දහ නව වන සියවසේ අග භාගයේ උපන් එස් අප්පු සිඤ්ඤෝ බාස් උන්නැහේ ඉන් පැරණිතමයා ය. ළිං කැපීමට සම්බන්ධ නොවූව ද කිසියම් භූමියක ජල උල්පත් සොයා දීමේ ප්‍රකට චරිතයක් වූ ඔහු බුදු ගුණ ශාන්තිය මත පදනම් වූ බව පැවසෙන වතුර මැතිරීම්, දෙහි කැපීම් ආදිය සම්බන්ධයෙන් ද මහත් ප්‍රසිද්ධියක් ලබා සිටියේය. ඒ සම්බන්ධ දෙවන සුප්‍රකට චරිතය වූයේ ගැමියන් “ළිං අමරේ” නමින් හැඳින් වූ ගණේමුල්ල හොරගොල්ලේ ඒ අමරසේන සිල්වා ය. ළිඳ කැපීමක දී ඔහු විසින් ද නොයෙකුත් අභිචාර විධි ඉටු කළ අතර එවක බාල වියේ සිටි මගේ මතකයෙන් මේ වන විට ඒ බොහොමයක් ගිලිහී ගොසිනි. එහෙත්, ළිඳක් කපමින් සිටින විට පළමු ජල උල්පත මතු වූ සැනින් ඔහු ටාසන් නම් කල්පිත වනගත වීරයාගේ වානර හඬට බෙහෙවින් සමාන හඬක් නඟමින් ළිං පතුලේ සිට කෑ ගැසූ අයුරු මට හොඳින් මතකය. ඊට හේතුව දිය උල්පතක් දුටු සැනින් එය වදනින් ප්‍රකාශ කළහොත් උල්පත ඊට බිය වී තම ගමන් මඟ වෙනස් කරන බවට ඔහු තුළ පැවැති විශ්වාසයක් බව මට පසුව දැන ගත හැකි විය.
අප්පු සිංඤ්ඤෝ බාස් උන්නැහේ සහ ලිං අමරේ ළිඳක් කැපීම සඳහා භූමිය තෝරා ගත් ක්‍රම ගුප්ත ක්‍රම කිහිපයක් විය.නමුදු ඒ පිළිබඳ නිවැරදි මතකයක් මේ වන විට මා තුළ නැත.

ජල උල්පත් ඒකරාශි වන ස්ථාන වල මිහි තුළ ඇති කිසියම් චුම්බක ශක්තියක් පදනම්ව එම ඉරටුවේ කෙලවර නැමී යන බවකි. නමුත් එබඳු ශක්තියක් හෝ භෞතික නියාමනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සොයා ගැනීමක් සිදුව නැත. එහෙත්, මෙම ඉරටුවෙන් වතුර සෙවීමේ ක්‍රියාවලියට පාදක වන වැදගත් මනෝ චාලක ක්‍රියාවලියක් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට හැකියාවක් අප සතුව තිබේ. එය හැඳින්වෙනුයේ මනෝ චාලක බලපෑම ( Ideomotor Effect ) ලෙසින් 1854 වසරේ විලියම් බෙන්ජමින් කාපෙන්ටර් නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍ය වරයා විසින් මුල්වරට හඳුන්වා දෙන ලද මෙම නියාමය ඔහුගේ නමින් කාපෙන්ටර් ගේ බලපෑම( Carpenter Effect ) ලෙසින් ද හඳුන්වන අවස්ථා තිබේ.
භූත බලයෙන් ක්‍රියාත්මක වන බවට අප සමාජයේ ප්‍රචලිත කනප්පු කැරකැවීම, කුළු කැරකැවීම, පොල්ගෙඩිය මත හිඳ කැරකැවීම, භූත ලෑල්ල, තඹලේරු කියැවීම, කාසි භූතයා ආදී වශයෙන් වන අනේක විධ ක්‍රියාකාරකම් සඳහා පදනම් වන ඒ පුද්ගලයාට හෝ පුද්ගලයන්ට නොදැනී ඔවුන්ගේ යටි සිත් ක්‍රියාත්මක වීම හුදු මානසික ඇනවුම ( Suggestion ) නම් මනෝමය සාධකය මත සිදුවන්නකි.

පැරණි වන්නි හත්පත්තුව ඇතුළු අප රටේ ගැමි සමාජයන් තුළ අදත් දක්නට ලැබෙන මෙම ඉරටුවෙන් උල්පත් සෙවීම අප ජන සමාජයේ පාරම්පරික උරුමයක් නොවේ. ඉරටුවක් නොවූවත් ඉංග්‍රීසි ‘වයි’ අකුරේ හැඩයේ කරුවක් හෝ ‘එල්’ හැඩයේ කරු දෙකක් මගින් සිදු කෙරෙන මීට අතිශය සමාන ක්‍රියාවලියක් ලොව විවිධ ශිෂ්ටාචාරයන් ගෙන් වාර්තා වී තිබේ. දියෙක්සුම (Dowsing ) නමින් හැඳින්වෙන මෙම ක්‍රමය කෙතරම් අති පෞරාණික ද කිව හොත් මෙබඳු යමක් අතින් ගත් මිනිස් රූප ආදී මානව ජනාවාස වලින් පවා හමු වී ඇතැයි පැවසෙයි. මිහිතලය තුළ ඇති ජලය පමණක් නොව වෙනයම් වටිනා ඛනිජ ද්‍රව්‍ය සේම මිහි තුළ තැන්පත් කරන ලද නිදන් වස්තු ද මෙම ක්‍රමයෙන් නිරීක්ෂණය කළ හැකි බවට ජන විශ්වාසයක් ලොව පුරා විවිධ ජන සමාජයන් හි තිබී ඇත.
මෙහි දී බොහෝ දෙනකු ගේ විශේෂ අවධානයට හා කුතුහලයට ලක් වන එක් කරුණක් තිබේ. එනම් යමකු ඉංග්‍රීසි ‘වී’ හැඩයෙන් යුතු මෙම ඉරටුව දෑතින් අල්ලා ගෙන ගමන් කරන අතරේ ඇතැම් ස්ථාන වලදී පමණක් එහි තුඩ පහතට නැවෙනුයේ කෙසේද? යන්න ය. මෙය එම ඉරටුව රැගෙන යන්නා විසින් උපායශීලී ලෙස පහතට නොනමන බව ඒකාන්ත සත්‍යයකි. එසේ නම් එහි තුඩ එසේ භුමිය පරීක්ෂා කරන ඇතැම් ස්ථාන වලදී පමණක් පහතට නැමෙනුයේ කිසියම් ගුප්ත බලයක් ශක්තියක් නිසාද?ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.කේ විමලරත්නයන් පවසනුයේ එහි කිසිදු හොරයක්,බොරුවක් වංචාවක් නොමැති බවට තමන්ට පෞද්ගලිකවම සහතික විය හැකි බව ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මට බොහෝ දෙනකුගෙන් ලැබුණු පොදු පිළිතුරක් විය.

එනම් ජල උල්පත් ඒකරාශි වන ස්ථාන වල මිහි තුළ ඇති කිසියම් චුම්බක ශක්තියක් පදනම්ව එම ඉරටුවේ කෙලවර නැමී යන බවකි. නමුත් එබඳු ශක්තියක් හෝ භෞතික නියාමනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සොයා ගැනීමක් සිදුව නැත. එහෙත්, මෙම ඉරටුවෙන් වතුර සෙවීමේ ක්‍රියාවලියට පාදක වන වැදගත් මනෝ චාලක ක්‍රියාවලියක් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට හැකියාවක් අප සතුව තිබේ. එය හැඳින්වෙනුයේ මනෝ චාලක බලපෑම ( Ideomotor Effect ) ලෙසින් 1854 වසරේ විලියම් බෙන්ජමින් කාපෙන්ටර් නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍ය වරයා විසින් මුල්වරට හඳුන්වා දෙන ලද මෙම නියාමය ඔහුගේ නමින් කාපෙන්ටර් ගේ බලපෑම( Carpenter Effect ) ලෙසින් ද හඳුන්වන අවස්ථා තිබේ.ඉහත සඳහන් ඉරටුවෙන් දිය උල්පත් සෙවීමට අදාල දියෙක්සුම නම් ක්‍රියාවලිය කිසිදු භෞතික විද්‍යාත්මක පදනමක් හෝ සත්‍යයක් නොමැති ව්‍යාජ විද්‍යාවක් ( Pseudoscience ) බව ලොව පුරා පවතින පොදු පිළිගැනීම ය. එදිනෙදා ජීවිතයේදී අප දකින, අසන අද්දකින සියලු දේ විශ්ලේෂණය කරනුයේ අපේ මනැස මුල් කර ගනිමිනි.නමුදු ඒ විශ්ලේෂණ හැකියාව පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වේ.ඒ සඳහා ඔවුන් ගේ මොළයේ ව්‍යුහය, මානසික ස්වභාවය, ජීවත් වන සමාජමය ,පාරිසරික පසුබිම,පෞරුෂය ආදී බහුවිධ හේතූන් ඉවහල් වන බව නොරහසකි. ඒ අතර ඇතැමුන් තුළ තමන් එසේ ජීවිතයේ විවිධ අවස්ථාවන් හිදී මුහුණ දෙන අනේක විධ අත්දැකීම් මගින් මනැසට පිවිසෙන අත්දැකීම් මොළයේ කිසියම් ව්‍යුහයක් තුළ අවරෝධනය වන බවක් ද අනාවරණය වී තිබේ.

භූත බලයෙන් ක්‍රියාත්මක වන බවට අප සමාජයේ ප්‍රචලිත කනප්පු කැරකැවීම, කුළු කැරකැවීම, පොල්ගෙඩිය මත හිඳ කැරකැවීම, භූත ලෑල්ල, තඹලේරු කියැවීම, කාසි භූතයා ආදී වශයෙන් වන අනේක විධ ක්‍රියාකාරකම් සඳහා පදනම් වන ඒ පුද්ගලයාට හෝ පුද්ගලයන්ට නොදැනී ඔවුන්ගේ යටි සිත් ක්‍රියාත්මක වීම හුදු මානසික ඇනවුම ( Suggestion ) නම් මනෝමය සාධකය මත සිදුවන්නකි. නිදසුනක් ලෙස යම් පුද්ගලයන් දෙදෙනකු ඇඟිලි තුඩු වලින් අල්ලාගෙන හිඳින කනප්පුවක් ඔවුන්ගේ මානසික ඇනවුම තිව්‍ර වත්ම පණක් ලැබුණාක් මෙන් පාදයෙන් පාදය තබමින් ගමන් කිරීම අරඹනුයේ තම තමන්ටත් රහසින් තම යටි සිත පිබිද ක්‍රියාත්මක වීමෙන් බව එම කටයුත්තේ යෙදෙන්නෝ පවා නොදනිති. එනිසා එබඳු සංසිද්ධියකට පාදක වනුයේ අමනුෂ්‍ය බලයක් ය යන මිථ්‍යාව සමාජය පුරා පැතිර යමින් තිබේ. ඒ අනුව “භූත දෙවිවරුන්” ගේ බලයෙන් මා පොල් ගෙඩියක් මත හිඳුවා ඒ මේ අතට කරකවන බවට ලක්බිම ඉරිදා පුවත් පත මගින් මට ප්‍රසිද්ධියේ අභියෝග කළ පානදුර,අළුබෝමුල්ලේ රසික වැලිහිඳ නම් පුද්ගලයකු හමුවට ගොස් හැකි නම් එසේ මා පොල් ගෙඩිය මත තබා කරකවන ලෙස පවසමින් ඒ අභියෝගය පිළිගැනීමට පවා මට සිදුවිය. ඒ 2013 වසරේ අගෝස්තු 17 වන දාය. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම පිණිස එවක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම හෘදවේද විශේෂඥ වෛද්‍ය( වත්මන් මහාචාර්ය ) නාමල් විජයසිංහ, ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය, මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි සහ සමන් ප්‍රියංකර නම්මුණි ගේ යන විද්වතුන් ද එක්ව සිටියහ. අවසානයේ මා හට එම අභියෝගය කළ රසික වැලිහිඳ නමැත්තා “කෝඳුරු තෙල් ගත් පට්ටයේ” න්‍යාය ඉදිරිපත් කරමින් එහි දී තම අභියෝගය ආපසු හකුළා ගනු දක්නා ලදී. මා මෙය පවසනුයේ ඔහු ගේ එම පසුබෑම විද්වත් සමීක්ෂක මණ්ඩලය ද ඒකමතිකව පිළිගත් බැවිනි.එම සම්පූර්ණ පුවත ම` විසින් සම්පාදනය කරන ලද “අද්භූත ලෝකය පියවි ලෙසින්” (2016) නම් ග්‍රන්ථයේ තිබේ.

ඒ අනුව ඉහත සඳහන් ඉරටුවෙන් දිය උල්පත් සෙවීමට අදාල දියෙක්සුම නම් ක්‍රියාවලිය කිසිදු භෞතික විද්‍යාත්මක පදනමක් හෝ සත්‍යයක් නොමැති ව්‍යාජ විද්‍යාවක් ( Pseudoscience ) බව ලොව පුරා පවතින පොදු පිළිගැනීම ය. එදිනෙදා ජීවිතයේදී අප දකින, අසන අද්දකින සියලු දේ විශ්ලේෂණය කරනුයේ අපේ මනැස මුල් කර ගනිමිනි.නමුදු ඒ විශ්ලේෂණ හැකියාව පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වේ.ඒ සඳහා ඔවුන් ගේ මොළයේ ව්‍යුහය, මානසික ස්වභාවය, ජීවත් වන සමාජමය ,පාරිසරික පසුබිම,පෞරුෂය ආදී බහුවිධ හේතූන් ඉවහල් වන බව නොරහසකි. ඒ අතර ඇතැමුන් තුළ තමන් එසේ ජීවිතයේ විවිධ අවස්ථාවන් හිදී මුහුණ දෙන අනේක විධ අත්දැකීම් මගින් මනැසට පිවිසෙන අත්දැකීම් මොළයේ කිසියම් ව්‍යුහයක් තුළ අවරෝධනය වන බවක් ද අනාවරණය වී තිබේ. ඉතා සරලව පැවසුව හොත් එය තමන් ද නොදන්නා තමන් තුළ පවත්නා දැනුවත් කමකි. ඒ ඔස්සේ විවිධ පුද්ගලයන්ට යම් යම් දේ සම්බන්ධ නිවැරදි අනාවැකි පළ කිරීමට ද පුළුවන. මෙයද විද්‍යාත්මකව අර්ථ කථනය කළ හැක්කේ අනාවැකි මොළය (Predictive Brain ) යනුවෙනි.

ඒ අනුව දීර්ඝ කාලයක් භූමිය සම්බන්ධයෙන් සියුම් සංවේදීතාවයකින් යුතුව සිටි අප්පු සිඤ්ඤෝ බාස් උන්නැහේලාට, ළිං අමරේලාට සේම ලියන්නාගම ළිං බාස්ලා තුළ මිස නළ ජල උල්පත් ඇති ස්ථාන සම්බන්ධ තමන්ට ද නොවැටහෙන සියුම් සංවේදීතා එකතුවක් ගොනු වී තිබිය හැක.එබැවින් එම පදනම මුල් කොට ලියන්නාගම ළිං බාස් උන්නැහේ ඇතුළු ළිං බාස් උන්නැහේලා මෙම ඉරටුවෙන් උල්පත් ජලය සෙවීමේ අපූරු ක්‍රියාවලිය අපහාසයට, උපහාසයට ලක් කිරීමට මම කෙසේ වත් නොකැමැත්තෙමි. ඊට හේතුව ඒ සඳහා පදනම් වන ඉතා සියුම් මනෝ විද්‍යාත්මක සාධකයක් ද ඉදිරිපත් කළ බැවිනි. ඒ අනුව සාමාන්‍ය ලෙසින් එළි දැක්විය නොහැකි ඒ සංවේදීතාවය ඉහත ආකාරයට නවන ලද ඉරටුවක් ගෙන එයට සිත යොමු කොට ඒ මේ අත ඇවිදීමේ දී පිබිදෙන මානසික ඇනවුම මගින් ප්‍රකාශ කිරීමේ යම් තරමක හෝ හැකියාවක් පවතින බව මගේ පෞද්ගලික අනුමානයයි. ඒ අනුව ළිඳක් කැපීමේ දී ස්කෑනර් යන්ත්‍ර ආදියෙන් මිහි තුළ ජල උල්පත් පරීක්ෂා කළ නොහැකි සාමාන්‍ය ජනතාවට ළිං කැපීම පිළිබඳ මනා පරිචයක් ඇති ලියන්නාගම ළිං බාස්ලාගේ යටි සිතේ ක්‍රියාකාරිත්වය පදනම් කර ගත් මෙම ඉරටු උපායට එරෙහි ව අකුරක් වත් ලිවීමට මගේ අත සේ සිත ද නොනැමෙන බව අවසන් වශයෙන් කිව යුතුය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය