විදෙස් ප්‍රේෂණ 26.5%කින් ඉහ­ළට

කැපී පෙනෙන වර්ධ­න­යක් අත්කර ගනි­මින් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මෙර­ටට සිදු­කර තිබෙන සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අගය සිය­යට 26.5 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසු­ගිය වසරේ මුල් මාස තුනක කාලයේ දී මෙර­ටට සිදු­කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,814.4ක් වන නමුත් ඊට සාපේ­ක්ෂව මේ වසරේ එම කාලයේ දී සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2,294.9ක් ලෙස කැපී පෙනෙන වර්ධ­න­යක් අත්ක­ර­ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා­දෙයි.

මේ අතර මේ වසරේ මාර්තු මාසයේ දී පම­ණක් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 814.8ක් ප්‍රේෂ­ණය කර තිබෙන අතර එය පසු­ගිය 2025 වසරේ මාර්තු මාසයේ දී සිදු­කළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 693.3ට සාපේ­ක්ෂව සිය­යට 17.5ක වර්ධ­න­යක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකු­ත්කළ නව­තම වාර්තා­වක් කියයි.

කාලීන පුවත්