මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම

පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත.

මහ භාණ්ඩාගාරය මේ වසරේ මුල සිට එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ මුදලක් රජය වාර්ෂිකව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙයි.

රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් මේ වසරේ එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබිණ.

කාලීන පුවත්