ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 1060ක්ව පැවති ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,175ක් ලෙස රුපියල් 15කින් අඩු කර තිබේ.එමෙන්ම සුදු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි.මීට අමතරව, සුදු සීනි කිලෝවක් රුපියල් රුපියල් 270ක් වන ලෙස රුපියල් 3කින් අඩු කර තිබේ.

කාලීන පුවත්