පලාත් පාලන ආයතන භාරකාරත්වය රාජ්‍ය නිලධාරීන් වෙතට

මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා වශයෙන් වන රට පුරා පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී ඒවායේ භාරකාරත්වය මේ වන විට රාජ්‍ය නිලධාරීන් යටතට පත් වී ඇත.ඒ අනුව අද සිට මහ නගර සභාවල භාරකාරත්වය ඒවායේ කොමසාරිස් වරුන් යටතටත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය ඒවායේ ලේකම් වරුන් යටතටත් පත් වනු ඇත.ඒ අනුව එම පලාත් පාලන ව්‍යුහයන් හි පරිපාලන සහ නඩත්තු කටයුතු සිදුකිරීමට ඔවුනට බලය ඇති මුත් පලාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සිදු කිරීමේ නීත්‍යානුකූල බලයක් ඔවුනට පැවරී නොමැත.2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති බහුතරයක ජයග්‍රහණය වාර්තා කළ අතර ඉන් පත් වූ මන්ත‍්‍රීවරුන් සියලු දෙනාම සභික ධුර ඊයේ රාත්‍රියේ සිට අහෝසි වීම මත එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් පසුබෑමකට හේතු වනු ඇතැයි සමහරෙක් කියති.

කාලීන පුවත්