පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.

කාලීන පුවත්