ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම් පත ගේන්නේ පොදු සම්මුතියක් අනුවයි

සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු සම්මුතයක් මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ,ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට රජය තීරණය කළ අතර එම කෙටුම් පත ඉකුත් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මේ අතර, යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ ද තීරණය කර ඇත.

කාලීන පුවත්