කොවිඩි ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් සේවය වාර්තා කළේ, කොරෝනා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර අවදානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බැවින් එම තීරණය එළැඹ ඇති බවයි.

කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත.

එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

අවම වශයෙන් මිලියන 7 ක ජනතාවක් කොරෝනා වංගතයෙන් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ය.

2020 වසරේ ජනවාරි 30 වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වංසගතය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

කාලීන පුවත්