ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි

රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (11) පැවැසුවේය.

 

latest news sri lanka in sinhala

කාලීන පුවත්