පානදුරේ “පොලිස් පාට්” ගැන විමර්ශනයක්

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රඳවා ගැනීමට විරෝධය පළ කරමින් කාන්තාවන් දෙදෙනෙකු ඊයේ සිදු කළ පා ගමනක් අතරතුර පානදුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ හැසිරීමක් මුල් කොට සමාජ මාධ්‍ය තුළ පැතිර යන වීඩියෝ පටය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.බස්නාහිර ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම පරීක්ෂණ ක‍්‍රියාත්මක බවකි.

කාලීන පුවත්