සුනඛයන් සමඟ දිවි ගෙවන කවියකු දුටු වත්මන් බුදු සසුනේ ඛේදවාචකය

sunaka

උදය විජේසිංහ කියන්නේ අපට ජීවිතයේ දී හමුවන දහසකුත් එකක් චරිත වලට වඩා වෙනස්ම ගණයේ අපූරු චරිතයක්.ගම්පහ මිනුවන්ගොඩ ආසන්නයේ නීතිඥ පියකුට හා විදුහල්පති මවකට දාව මෙලොව එළිය දකින උදය කුඩා කාලයේ සිටම අමුතුම මාදිලියේ හිතුවක්කාරයෙක්.කොළඹ ආනන්දයෙන් අධ්‍යාපනය ලබන සමයේ ඉගෙනුමට සේම ක්‍රීඩා අංශ කිහිපයකට දස්කම් දක්වන උදය තමන් ගේ වෘත්තිය හැටියට තෝරා ගන්නේ මාධ්‍යකරණයයි.මුලින්ම ලේක් හවුසියේ ගත කළ කාලයේ දී ඒ සම්බන්ධයෙන් දැක් වූ සුවිශේෂ හැකියාව මත පදනම් ව එල් ටී ටී ඊ යුද සමයේ යුද පුවත් වාර්තා කරුවකු ලෙස විශිෂ්ඨ සමත් කම් පාන්නට උදයට හැකි වෙනවා. පසුව තමන් ගේ ප්‍රවෘත්ති සම්පාදනයේ වේගවත් හා උනුසුම් බව අනුව ඔහු පුවත් පත් ක්ෂේතයෙන් ඉවත් වී ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදකයෙක්,ප්‍රවෘත්ති සම්පාදක වරයෙක් සහ සංස්කාරක වරයෙක් ලෙසත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළකට පිවිසෙනවා. නමුත් උදය කුඩා කල සිටම සතුන් කෙරෙහි අතිශය දයානුකම්පාවක් දක්වන්නෙක්.විශේෂයෙන් නිවාස අහිමි ව මහ මඟට වැටී සිටින සුනඛයන්ට පිහිට වීම සම්බන්ධ ඔහුගේ නැඹුරුව කෙතරම් ප්‍රබල ද යත් කෙමෙන් ඔහු ඒ අසරණ සතුන් වෙනුවෙන් තම වෘත්තිය,පවුල් ජීවිතය සේම සියළු වත්කම් පවා අතහරිනවා.

මේ වෙනකොට උදය විවිධ අනතුරු රෝගාබාධ වලට ලක් වූ සහ හිමි කරුවන් මහ මඟට ඇද දැමූ සුනඛයන් සියයකටත් වැඩි පිරිසක් සමඟ මහව ප්‍රදේශයේ මිනිස් ජනාවාස වලින් දුරස් ඉසව්වක තනිව ජීවත් වෙනවා. ඒ අසරණ සතුන් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරමින්.නමුත් මේ වන විට එම උදය ඒ සුනඛ දරුවන් නඩත්තු කර ගැනීමේ බරපතල අභියෝගයකට මුහුණ දී සිටිනවා.නමුත් ඔහු ඒ අසරණ සුනඛයන් වෙනුවෙන් ඇරඹූ වීරිය පාරමිතාව නතර කරන්නේ ම නැහැ.උදය අද මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු 0770499811 දුරකථන අංකය ඔස්සේ දැන ගන්න පුළුවන්.

එ වගේම උදය වගේ අසම්මත ජීවිත ගත කරන්නවුන්ගේ මානසිකත්වයත් අසමතුළිත බවත්;එකම දෙයක් වෙනුවෙන් වෙන් වී තිබෙන බවත් පොදු පිළිගැනීමක්.නමුත් උදය ගේ මේ පද්‍ය නිර්මාණය වෙත විමසිලිමත් වෙන ඔබට උදය සම්බන්ධයෙන් ඒ සඳහන කෙතරම් බොරුවක් ද?ඔහු වත්මන් බුදු සසුන සම්බන්ධයෙන් එල්ල වී ඇති බිහිසුණු අර්බුදය කෙතරම් ප්‍රබල ලෙස ග්‍රහණය කර ගෙන ඇද්ද? යන්න වටහා ගත හැකියි.සැබෑ නිසඳැස් ආරකින් බුද්ධි ගෝචර ආකාරයට නිමැවී ඇති මෙම පද්‍යයේ අවසන් පද කිහිපය ඔස්සේ උදයගේ අව්‍යාජ කවිත්වය පිටාර ගලන බවයි අපගේ වැටහීම

අනාවැකියක්!

රහතුන් පහ ලවිය මෑතක නිරතුරුව
රන් කුට්ටිද රන් පොලු ද
කාබනික ඌරුමස් ද
තව තවත් ඒවාද විය ඒ ඒ රහතුන් ළඟ.
ඒ අතර හදිසියේම පහලවී
සඟ දියසෙන් ද පැලැදිය ඔටුණු සාධු හඩ මැද
ඒ අතරේ මහානිසංස වැලි පිංකම වෙනුවෙන්
පූජනීය වැලි කිලෝවක් 5500/=
මිලට වෙලදපොලට ආවා පහුගිය දිනෙක..
හෙට වෙද්දී මොන මොනවා වෙයිද කවුරු කවුරු වඩීවිද දන්නෙ නෑ මේ අසිරිලක අහුමුලුවල ඉද..
පිස්සු විගඩං
වෙන දේවල් දකිනකොට හිතෙනවා මට මෙහෙම..
සහතිකයි
“මෙතේ බුදුන් මානසික ඔසු අත දරා
ලොවට පහලවෙන බව”

උදය විජේසිංහ

 

wall එක