ජනපති රනිල් ගේ ආර්ථික වැඩපිළිවෙල ගැන සජබ මන්ත්‍රී වරු පැහැදිලා

වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා මාර්ග සාධනීය බව සමගි ජන බලවේ මන්ත්‍රීන් ද පිළිගෙන ඇතැයි සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි ආර්ථික විෂය පිළිබඳව දැනුම් අවබෝධයන් ඇති සජබ මන්ත්‍රී කණ්ඩායම තුළ එකගතාවයක් ගොඩ නැඟී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ද දැනුවත් කොට ඇති බවත් එබැවින් තමා රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබදව කතා කළ බව සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසයි.මෙහිදී වැඩි දුරටත් ඔහු පවසන්නේ තමා සමග ආණ්ඩුවට එක්වීමට තවත් මන්ත්‍රීන් පිරිසක් සමගි ජන බලවේගය තුළ සිටින බවකි.

කාලීන පුවත්