පාසල් දරුවන්ට බෙදාදීමට තිබූ සහල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයක්

පාසල් දරුවන් සඳහා බෙදා දීමට සැලසුම්කර තිබු වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාකර තිබු සහල් තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සඳහන් කළේය.

මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මඟින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සඳහා රැගෙනවිත් තිබු සහල් තොග බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන්ය.

කාලීන පුවත්