පාස්කු ප්‍රහාර වාර්තාවේ අතුරුදන් පිටු කතෝලික සභාවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන වාර්තාවේ කතෝලික සභාව වෙත ලබා දුන් පිටපතෙහි පිටු 1,500ක් පමණ අතුරුදන් බවට අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර එසේ අතුරුදන් වූ බව කියන පිටු සහිත වාර්තාව නුදුරේදී ම කතෝලික සභාව වෙත ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.වෙළුම් 88කින් සමන්විත මෙම සම්පූර්ණ වාර්තාව සීඩී තැටි කිහිපයක් ලෙසින් කතෝලික සභාව වෙත ලබා දී ඇති අතර එම සීඩී පට තුළ අඩංගු ඇතැම් වෙළුම් තාක්ෂණික කරුණක් හේතුවෙන් හානි වී ඇති බව පෙනී යන බවත් එම අතුරුදන් පිටු සහිත සීඩී තැටි යළි ලබාදීමට අදාළ පියවර මේ වනවිට ගනිමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කාලීන පුවත්