පැන්ඩෝරා පත්‍රිකා මුල් කොට නිරූපමා ගැන විමසුමක්

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ‍්‍රි ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් මහතාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය කර තිබේ.ඊයේ(05) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.අදාළ චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අදහස් පළකර ඇති අතර එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.ඒ අනුව එම චෝදනා ගැන ගැඹුරු විමර්ශනයක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.නිසි හිමි කරුවකු ඉදිරිපත් නොවූ මල්වානේ මන්දිරය සම්බන්ධ සිද්ධියේ දී ද නඩේසන් මහතාගේ නම පසුගිය කාලයේ කතා බහට ලක් විය.

කාලීන පුවත්