පැය 16ක ජල කප්පාදුවක්

අද (26) දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26) දිනයේ රාත්‍රී 10 සිට හෙට පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

කාලීන පුවත්