පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 60කින් පමණ පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

නියඟයේ බලපෑම උඩරට, පහතරට සහ මැදරට යන සියළුම තේ වගාවන් සඳහා එල්ල වී ඇති බවත් ප්‍රදේශ රැසක තේ වගා වියළි මැරී ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

මේ හේතුවෙන් තේ අස්වැන්න විශාල වශයෙන් අඩු වී කුඩා තේ වතු හිමියන්ගේ ආදායම විශාල වශයෙන් පහළ බැස ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

වෙළඳපලේ අමු තේ දලු කිලෝවක මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අවස්ථාවක අස්වැන්නක් අඩු වීමෙන් කර්මාන්තය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද තේ වතු හිමියන් පවසයි.

කාලීන පුවත්